fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියා ගුවන් අනතුරත් සමග බෝයිං 737 ගැන ලොවේම අවධානය

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:05

ඉතියෝපියා ගුවන් අනතුරත් සමග බෝයිං 737 ගැන ලොවේම අවධානය

ඇමෙරිකාවේ බෝයිං ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ඊයේ කඩා වැටීමත් සමග චීනය මෙම වර්ගයට අයත් ගුවන් යානා තහනමකට ලක් කර තිබෙනවා.

චිනයේ මෙම වර්ගයට අයත් ගුවන් යානා අනූවකට අධික සංඛ්‍යාවක් භාවිත කෙරෙනවා. ඊයේ සිදු වී මෙම අනතුරින් පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් ගමන් කර තිබුණේ බෝයිං 737 මැක්ස් අට ගුවන් යානයකයි. බෝයිං සමාගමේ ගුවන් යානාවල තාක්ෂණය පිළිබද ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබෙන බවයි සදහන් වන්නේ. පසුගිය ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ සිදු වූ ගුවන් අනතුරද මෙවැනිම එකක් වීම ඊට හේතුවයි. එම අනතුර සිදු වී මාස පහක කාලසිමාවක් තුළ කඩා වැටුණු දෙවන බෝයිං ගුවන් යානය මෙයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝයිං සමාගමද කණගාටුව පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පූර්ණ තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්