fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිරිහැරවලට ලක් වූ ගෘහ සේවිකාවන් 18 දෙනෙකු දිවයිනට

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 11:37

හිරිහැරවලට ලක් වූ ගෘහ සේවිකාවන් 18 දෙනෙකු දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ ගෘහ සේවිකාවන් 18 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

කුවේට්හි සේවය කළ මෙම ගෘහ සේවිකාවන් පිරිස අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔවුන් එරටදී විවිද හිරිහැරවලට ලක් වී කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් රැකවරණය පතා තිබෙනවා. ඉන් අනතුරුවයි ඔවුන් මෙසේ යළි දිවයිනට ගෙන්වීමට කටයුතු කර ඇත්තේ. ඔවුන්ට නිවෙස්වලට යාම සදහා අවශ්‍ය පහසුකම්  ලබාදීමටද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්