සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ඩක්වත් සහ ලුවිස් ත්යායට අනුව ලකුණු 71 කින් ඔවුන් ජයගැනීමත් සමගයි.
දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 331 ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 121 ක් රැස්කළා. ඉසුරු උදාන කඩුලු 02 ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුලු 02 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියදී වර්ශාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවුණා. එලෙස පැය තුනකට අධික කාලයක් තරගය නතර කර තිබීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා පන්දු 48 කදී තවත් ලකුණු 118 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. එය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 24 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලබාගත හැකිවුනේ ලකුණු 121 ක් පමණයි. මේ අනුව ලකුණු 71 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.