fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනතුරට පත් ඉතියෝපියා යානයේ සියලුදෙනා මියගොස් ඇති බවට එරට රජයෙන් නිල ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 10:03

අනතුරට පත් ඉතියෝපියා යානයේ සියලුදෙනා මියගොස් ඇති බවට එරට රජයෙන් නිල ප‍්‍රකාශයක්

අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ සිටි සියලුදෙනා මියගොස් ඇති බවට එරට රජය නිල වශයෙන් ප‍්‍රකාශ කර  තිබෙනවා.

අඩිස්අබාබා ගුවන් තොටුපලේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් ආරම්භ කළ යානයේ ඒ වනවිට මඟීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අට දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

කෙන්යා ජාතියන් 32 දෙනෙකු කැනඩා ජාතිකයන් 18 දෙනෙකු ඇමරිකා ජාතිකයන් 8 දෙනෙකු සහ බි‍්‍රතාන්‍යයන් 7 දෙනෙකු ඊට අයත්. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර ගුවන් නියමුවා යානය ගමන් කරවීමට අපහසු බව පවසමින් යළි අඩිස්අබාබා වෙත පියසර කිරිමට ඉල්ලීමක් කළ බව ගුවන් සේවය ප‍්‍රකාශ කරනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්