ඉන්දියාව සමඟ 4 වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ඔස්ටේ්රලියා කණ්ඩායම සමත් වුණා. ඒ කඩුළු 4කින්.
ඉන්දියාවේ චන්දිගාර් හිදී තරගය පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත් ඉන්දියා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනූව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9කට ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යාව 358ක්. ශිකර් දවාන් ලකුණු 143යි. රෝහිත් ශර්මා ලකුණු 95ක් ලබාගත්තා. පන්දු යැවීමේදී පැට් කුමින්ස් කඩුළු 5ක් බිඳ හෙළිමටයි සමත් වුණේ.
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි ඔස්ටේ්රලියා කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 5ක් අවසානයේදී කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 359ක් රැස්කළා. පීටර් හෑන්ස්කෝම් ලකුණු 117යි. පන්දු යැවීමේදී ජැස්ප්‍රිට් බුම්රා කඩුළු 3ක් බිඳ හෙලුවා. මේ වනවිට කණ්ඩායම් දෙකම තරග දෙකම ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවනවා.