fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකෙටම අවශ්‍ය ඇන්තූරියම් කිලිනොච්චියෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 17:20

ලෝකෙටම අවශ්‍ය ඇන්තූරියම් කිලිනොච්චියෙන්

ලෝකෙටම අවශ්‍ය ඇන්තූරියම් කිලිනොච්චියෙන් සැපයීම සදහා යුද හමුදාවේ 574 වන බලසේනාව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගැනීම මෙහි අරමුණයි.

කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය හා 574 වන බලසේනාධිපති කර්නල් බුද්ධික පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාවට අභිමානවත් ස්වයං රැකියාවක් ලෙස අපනයනයට අවශ්‍ය ඇන්තූරියම් වගා කෙරෙනවා. මේ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේදී පැවැත්වුණා. අයිටීඑන් මාධ්‍ය ජාලය ඇතුළු තවත් ආයතන ගණනාවක් මේ සදහා අවශ්‍ය දායකත්වය ලබාදෙනවා.  ස්වයං රැකියාව සදහා අවශ්‍ය පුහුණුව හා ඇන්තූරියම් පැල ආදිය ලබාදීම ද විශේෂත්වයක්. තමන්ගේ අතමිට සරුකර ගැනීමට මෙය මහගු අවස්ථාවක් බවයි කිලිනොච්චිය ප්‍ර දේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ.

 

*

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 17:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්