බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින්. මධ්‍යම රාත්‍රියේ සිට වැටලීම් සිදුකර තිබෙනවා.
එම රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
පෙරේදා දිනයේදී ද බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමකින් බීමත් රියදුරන් 222 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.