තලවකැළේ සෙන්ක්ලෙයාර් දියඇල්ල රක්ෂිත ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් අක්කර 100ක් පමණ විනාශයට පත්වුණා.
සෙන්ක්ලෙයාර් දියඇල්ල ආසන්නයේ හටගත් ගින්න හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගය දක්වා පැතිර ගියා. මධ්‍යම කඳුකරයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට තලවකැළේ පොලීසිය සැක කරනවා. ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල වියළි ගසකට ගින්න පැතිර යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි වාර්තා වුණේ.
මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපොළේ වගා බිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එම වගාවන්ට හානි සිදුවුණා.