කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා.
2007 වසර සඳහා අනුමත කරන ලද ආසියා සංවර්ධන බැංකුවේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ද එයයි. පර්යන්ත තුනකින් සමන්විතව දියකඩන පහසුකම් ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනයට එමගින් දායකත්වය ලබාදෙනවා.
කලාපයේ වඩාත් තරඟකාරී සහ කාර්යක්ෂම වරායක් ලෙස කටයුතු කිරීමේදී තිිරසර අනාගතයක් සඳහා ජාතික වරාය සැලැස්ම කාලීන අවශ්‍යතාවක් සාක්ෂාත් කරගැනීම සඳහා උපයෝගී වන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
ඒ ජාතික වරාය සැලැස්ම පිළිබද අවසන් වැඩමුළුවට සහභාගී වෙමින්.