ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශ කිරීමට නියමිතයි.
අද පස්වරු පහට ඉන්දීය මැතිවරණ කොමිසම මේ බව ප්‍රකාශයට පත් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වර්තමාන ලෝක් සභාවේ නිල කාලය ජුනි 3 වනදායින් අවසන් වීමට නියමිතයි. අප්‍රේල් මාසයේදී හෝ මැයි මාසයේදී අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතු වනවා. 2014 වසරේදී පැවැති මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය දශක තුනකට පසුව බහුතරයක් දිනා ගත් පළමු පක්ෂය බවට පත් වුනා. ඒ ආසන පන්සිය හතළිස් තුනෙන් දෙසිය අසූ දෙකක බලය ලබා ගනිමින්. කොංග්රස් පක්ෂය ලබා ගත්තේ ආසන 44 ක් පමණයි. බහුතරය ලෙස ආසන දෙසිය හැත්තෑ දෙකක් ලබාගත යුතු වනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් සිය පාලන බලය අපේක්ෂා කරන මැතිවරණය මෙය වනවා.