සිය පුතු සඟවා පියාගෙන් ලක්ෂ 35 ක කප්පම් මුදල් ඉල්ලූ මවක් වවුනියාව පෙරියමඩු ප්රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
අවුරුදු 8 ක් වයසැති සිය දරුවා ඥාති නිවසක සඟවා විදෙස්ගතව සිටින සිය සැමියාගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇය පුලියන්කුලම පොලීසියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. අනතුරුව කප්පම් ඉල්ලූ බවට සැකකෙරුණු දුරකථන අංකය ඔස්සේ පොලීසිය සිදුකළ විමර්ශන මගින් එම කාන්තාව අත්අඩංගුවට ගත්තා.
ප්රදේශයේ බැංකු කිහිපයකින් ලබාගත් ණය මුදල් ගෙවීමට තම දරුවා සඟවා සිය සැමියාගෙන් කප්පම් ඉල්ලූ බවයි ඇය පොලීසියට ප්රකාශ කර ඇත්තේ.