ත්‍රිකුණාමල ධීවර වරායෙන් මුහුදු ගිය රන්පුතා නමැති බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයෙකු රෝගී වීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සදහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
රන්පුතා නමැති බහුදින ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසුගිය පස්වන දිනයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සදහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත්කර හැර තිබෙනවා. රෝගියා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට හැකිවූ බවයි නාවික හමුදාව සදහන් කරන්නේ. අදාළ ධීවරයා ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමලය මහරෝහල වෙත ඇතුළත් කෙරුණා.