fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුද්දට ගෙනා කුණු අල තොගය

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:01

අවුරුද්දට ගෙනා කුණු අල තොගය

විදේශීය රටකින් මෙරටට ගෙන්වා ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබියදීයි.

දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සිදුකළ වැටලීමකදී මෙම අර්තාපල් තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. එම තොගය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් පන්දහසකට අධික ප්‍රමාණයක් තිබූ බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අත්අඩංගුවට ගත් අර්තාපල් තොගය දිගම්පතන රක්ෂිතයට ගෙන ගොස් විනාශ කිරීමට උපදෙස් ලබාදුන් බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සදහන් කළා. එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් මෙලෙස නීති විරෝධී ආකාරයෙන් අර්තාපල් ගෙන ඒම සිදුවන බවයි අප වාර්තා කරුවන් සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්