fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිඵල ගැන අගමැති කියූ දේ (Video)

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 11:31

ප්‍රතිඵල ගැන අගමැති කියූ දේ (Video)

සිරිකොත ගමට වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩසටහන සමඟ එක්වූයේ පානදුර ප්‍රදේශයේදීයි.

එක්සත් ජාතික පක්‍ෂ දේශපාලන නියෝජිතයින් විශාල පිරිසක් සිරිකොත ගමට වැඩසටහන සමඟ එක්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය තුළ දැවැන්ත ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පක්‍ෂය නව ජවයකින් යුතුව ඉදිරියට ගෙන යාමේ අරමුණිනුයි සිරිකොත ගමට වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

නව ගමනක් සදහා මුල පුරා ඇති එක්සත් ජාතික පක්‍ෂය ඇරඹූ බොහෝ වැඩසටහන්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවයි රැස්ව සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

නව සාමාජික පත් පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. සිරිකොත ගමට වැඩසටහන පිළිබඳ මහජන නියෝජිතයින් රැසක් සිය අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්