රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී බම්බලපිටිය ප්රදේශයේදී රියඅනතුරකට ලක්ව ප්රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලීසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා මියගොස් තිබෙනවා. පසුගිය 24 වෙනිදායි අනතුර සිදුවුණේ.
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ බම්බලපිටිය ඩුප්ලිබුලස් හංදියේදී වැල්ලවත්ත දෙසට ධාවනයවූ ඩිෆෙන්ඩර් රථයක ස්ථානාධිපතිවයාගේ යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මියයන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.