වෙනිසියුලා අගනුවර යළි විරෝධතා පැවැත්වෙනවා. ජනාධිපති නිකොලොස් මදුරෝගේ ආධාරකරුවන් සහ විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝගේ ආධාරකරුවන් විශාල පිරිසක් විරෝධතා සඳහා එක්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
විපක්ෂ නායකවරයාට සහය පළකරන කණ්ඩායම් සහ පොලීසිය අතර ගැටුම්ද හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් එහිදී පොලිස් නිලධාරින්ට ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය බ්‍රහස්පතින්දා සිට ප්‍රදේශ රැසකට විදුලි කප්පාදුවක් ද සිදුකර තිබෙනවා. ජනතාවගෙන් ඊට දැඩි විරෝධයක් එල්ලවීමත් සමඟයි යළි උද්ඝෝෂණ ආරම්භ වුණේ. පසුගිය ජනවාරී 23 වෙනිදා සිට අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ලෝක ප්‍රජාවට තමන්ව හදුන්වාදුන්නා. මේ වනවිට රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක් ඔහු වෙනිසියුලා ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් රුසියාව, චීනය ඇතුලු රටවල් සහ එරට හමුදාවේ සහය හිමිව තිබෙන්නේ ජනාධිපති නිකොලොස් මදුරෝටයි.