fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාම්බෝජයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට වීසා නිදහස්

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 18:03

කාම්බෝජයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට වීසා නිදහස්

කඩුවෙල බෝමිරිය කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව බුද්ධ මන්දිරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපන පේමසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවැත්වුණා. බුද්ධ මන්දිරය විවෘත කිරීමත් සමග එහි වන්දනාමාන කටයුතු සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදා වුණා.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කාම්බෝජ උප සංඝරාජ ස්වාමීන් වහන්සේ වෙත ගෞරව නාම ප්‍රදානයක් ද මෙහිදී සිදුකෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්