උතුරු කොරියාව චන්ද්‍රිකාවක් හෝ මිසයිලයක් ගුවන් ගත කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිල සහ රෝකට් අත්හදා බැලීම් සිදු කරන සනුම්ඩොන්ග් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ. මේ බව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තහවුරු වී තිබෙනවා.
විනාශ කිරීමට කටයුතු කරන බවට උතුරු කොරියාව පොරොන්දුව සිටි සෝහේ ප්‍රදේශයේ පිහිටි රොකට් අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ද යළි ආරම්භ කර තිබෙන බව පසුගියදා වාර්තා වුණා.
මේ අතර උතුරු කොරියාවේ වර්තමාන ක්‍රියා කලාපයත් සමග එරට පිළිබද පැහැදීම පළුදු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. පසුගියදා උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකා ජනාධිපති අතර පැවති සාකච්ඡා කිසිදු එකගතාවකින් තොරව නිමාවට පත්වුණා.