fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමුවරට ශ‍්‍රි ලාංකික තරුණියක් ඇමරිකාවේ හෙද සේවයට

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 17:07

පළමුවරට ශ‍්‍රි ලාංකික තරුණියක් ඇමරිකාවේ හෙද සේවයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ හෙද සේවාව සදහා පළමු ශ්‍රී ලාංකික හෙදිය දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමෙරිකා හෙද සේවාවට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඇමෙරිකාවේ කර්මා සමාගම අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණා.

ඒ අනුව ඇමෙරිකාවේ හෙද සේවාව සදහා පළමු ශ්‍රී ලාංකික හෙද නිලධාරිණිය ඇමෙරිකාව බලා පිටත්ව ගියා. එම් එම් ජී රුවනි රණසිංහ නමැති මෙම හෙදිය මහනුවර මහරෝහලේ සේවය කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරිණියක්.

මෙම රැකියා වැඩසටහන යටතේ අවශ්‍ය සුදුසුකම්ලත් විසිපස් දෙනෙකු ඇමෙරිකාවේ හෙද සේවාව සදහා පිටත්ව යාමට පුහුණුව ලබමින් සිටිනවා. ඇමෙරිකා හෙද සේවාවට එක්වන්නන්ට මසකට ඇමෙරිකානු ඩොලර් පන්දහසක මූලික වැටුපක් හිමිවන අතර පවුලේ ඥාතීන් ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඇමෙරිකා හෙද සේවාවට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන මෙරට ලියාපදිංචි හෙද නිලධාරීන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අලෙවිකරණ හා බදවාගැනීම් අංශයෙන් වැඩිවිස්තර ලබා ගත හැකියි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්