fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 14:33

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින් තුන් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විදානයට අයත් භට පිරිසක් ත්‍රිකුණාමලය මලෙයිමූන්දල්  මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගැණුනා. ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී අයුරින් මෙම ධීවරයින් පොකිරිස්සන් ඇල්ලීමේ නිරතව සිටි බවයි නාවික හමුදාව පවසන්නේ.

ඒ සදහා යොදාගත් ආම්පන්න කිහිපයක් ද පොකිරිස්සන් තොගයක් ද නාවික හමුදා භාරයට ගැණුනා. මෙම ධීවරයින් හා උපකරණ වැඩිදුර පරීක්ෂණ සදහා ත්‍රිකුණාමල ධීවර පරිශ්‍ර කාර්යාලය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්