fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩ්‍රැගන් සාර්ථකව යළි පෘථිවියට

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 13:06

ඩ්‍රැගන් සාර්ථකව යළි පෘථිවියට

අභ්‍යවකාශය වෙත මිනිසුන් රැගෙනයාමේ මෙහෙයුමට ඇමෙරිකාව නිෂ්පාදනය කළ නව ඩ්‍රැගන් අභ්‍යවකාශ යානාව නැවතත් සාර්ථකව පෘථිවියට ගොඩ බස්වා තිබෙනවා.

ස්පේස් එක්ස් නැමැති පෞද්ගලික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් මගිනුයි මෙම යානය නිපදවා ඇත්තේ.

එම සමාගමේ ප්‍රධාන මෙහෙයුමක් ලෙස අභ්‍යවකාශ මිනිසුන් රැගෙනයාම හැදින්විය හැකියි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය රාත්තල් 400කට ආසන්න භාණ්ඩ තොගයක් මෙම යානයෙන් ගෙන යනු ලැබුවේ පසුගිය සෙනසුරාදායි.

එහි දින 6ක පර්යේෂණ චාරිකාවක් සිදු කළ යානය අත්ලාන්තික් සාගරයට ගොඩ බස්වනු ලැබුවේ පැරෂුට් ආධාරයෙනුයි.

මෙම යානයේ මිනිස් අනුරුවක් පරීක්ෂණ සදහා යොමු කෙරුණා.

ඒ අනුව ලබන ජුලි මාසයේ දී ගගණගාමියෙකු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටත් කර හැරීම මීළඟ පියවර බවයි ස්පෙස් එක්ස් සමාගම සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්