සූර්ය බල ව්‍යාපෘතියට ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 50 ක ආධාර මුදලක් ලැබී ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
රාජ්‍ය සහ වානිජ බැංකු 10 ක් මගින් ජනතාවට එම මුදල් ලබාදීමයි සැලසුම.
සියයට 8 ක වාර්ෂික පොළියක් යටතේ අවුරුදු 10 ක් තුළ මෙම මුදල්ගෙවීමට අවස්ථාව සලසා දී තිබෙනවා. සූර්ය විදුලි ජනන කට්ටල සවිකර ගැනීමටයි මෙම ණය මුදල් ලබාදෙන්නේ.
ලබන වසරේදී මෙගාවොට් 200 ක විදුලි ධාරිතාවක් ලබාගැනීම අරමුණ බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.