fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනය ගැන රජය භාරගත් වගකීම අගමැති පහදයි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 17:51

අධ්‍යාපනය ගැන රජය භාරගත් වගකීම අගමැති පහදයි

ලෝකය සමග ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමේ වගකීම තම රජය භාර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙම උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරූ තුන්දහසක් පමණ මෙහිදී ඩිප්ලෝමා සහතික ලැබුවා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිළධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම පත්වීම් ලැබූවන් ගුවරුවරුන් ලෙස එක්වීමත් සමග අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන් අසූ දහසක් පමණ ගුරු වෘත්තියේ යෙදී සිටිනවා. මෙම වසර අවසන් වන විට එම සංඛ්‍යාව අනූ දහස දක්වා වැඩි කිරීම රජයේ අරමුණයි.

මේ වන විට පුහුණු ගුරුවරුන්, ගොඩනැගිලි පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂාව, නව තාක්ෂණය සහ 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය වැනි පහසුකම් රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්