ජාත්‍යන්තර ටෙනිස් පිටියට යළි පිවිසිමට බලාපොරොත්තු වන බව ටෙනිස් ක්‍රිඩක ඇන්ඩි මරේ පවසනවා.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාව තුන්වතාවක් දිනා ගෙන ඇති ඇන්ඩි මරේ ටෙනිස් පිටියෙන් සමුගත්තේ ඔහුගේ ඉන ප්‍රදේශයේ පැවති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
ඒ සදහා සිදු කළ යුතු ශල්‍යකර්මයෙන් පසු ටෙනිස් පිටියේ තවදුරටත් ක්‍රීඩා කිරීම පිලිබද තීරණයක් ගන්නා බවයි ඔහු මීට පෙර පවසා සිටියේ. තිස්එක් හැවිරිදි ඇන්ඩි මරේ පසුගියදා නිමා වූ ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේදීම පරාජයට පත්වුනා.
කෙසේ වෙතත් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ යුගල තරගයත් සමග නැවතත් ටෙනිස් ක්‍රීඩා කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.