fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

MH 370 ගුවන් යානය අතුරුදන් වී අදට වසර 5යි

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 16:05

MH 370 ගුවන් යානය අතුරුදන් වී අදට වසර 5යි

මැලේසියා ගුවන් සේවයට අයත් එම් එච් 370 ගුවන් යානය අතුරුදන් වී අදට වසර 5 ක් සපිරෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ මගීන් 239 දෙනෙකු ගමන් කර තිබෙනවා. ගුවන් යානය අතුරුදන් වුණේ 2014 වසරේ මාර්තු 8 වනදායි. යානය සෙවීමේ මෙහෙයුම් සදහා රටවල් 26 ක් ගවේෂණ සිදු කළද එය සාර්ථක වූයේ නැහැ.අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් එහි සුන්බුන් කිහිපයක් සොයා ගැනුණද යානය පිළිබදව නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට හැකි වුයේ නැහැ. මෙම යානයේ ගමන් කළ මගීන්ගේ ඥාතීන් යානය පිළිබදව සොයා යළි මෙහෙයුම් ආරම්භ කිරීමට එරට රජයෙන් ඉල්ලා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්