ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ ප්රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේයි නඩුව විභාගයට ගැණුනේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නාලක ද සිල්වා මහතා දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් එම නියෝගය ප්රතිශෝධනයකොට විත්තිකරුට ඇප ලබාදෙන ලෙසත් විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය නීතියට අනුකූල බව නිගමනය කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළා.