මහාපරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන වැල්ලේ සුරංග යන අයගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් , කේරළ ගංජා ඇතුළුව කඩු දෙකක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ. ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු තොරතුක් මත වැටලීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන කදිරානවත්ත , මට්ටක්කුලිය , කොළඹ 15 ප්රදේශයේ පදිංචි කුමාර පේලියගේ ලහිරු නයනප්රියයි. සැකකරු අද දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.