අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කළ ඔහු අත්අඩංගුවට ගැණුනේ කැළනිය ගෝණවල ප්‍රදේශයේදී.
චෙක්පත් වංචාවක් සිදුකළ ව්‍යාපාරිකයෙකුට නඩු පැවරීම වළක්වාලිම සඳහා ඔහු රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඇති බව විමර්ශන වලින් හෙළිවුණා.
ඉන් විසි දහසක මුදලක් මීටපෙර ලබාගෙන ඇති අතර ඉතිරි රුපියල් අසූ දහස ලබාගන්නා අවස්ථාවේදී සැකකාර පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.