නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිස් දෙනා ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.
නාවික හමුදාව මගින් මෙම අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනුණේ ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් අසූවක් ඈත මුහුදේදීයි. සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් දුටු නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් එය පරික්ෂා කිරීමේදීයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් සියලු දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර නාවික හමුදා විමර්ශනවලින් හා වෛද්‍ය පරික්ෂණයකින් අනතුරුව ගාල්ල වරාය පොලිසිය වෙත භාර දෙන බව නාවික හමුදාව පවසනවා. සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර නීති විරෝධීව විදේශ ගත වීමට උත්සාහ කරන පුද්ගලයන් මිනිස් ජාවාරමට හසු වීමෙන් ජීවිත අවධානමටත් ධනය විනාශ කර ගැනීමටත් අවසානයේ බන්ධනාගාර ගත වීමටත් සිදුවන බව නාවික හමුදාව පෙන්වා දෙනවා.