fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර නව රථවාහන සැලැස්මට විරෝධය

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 17:18

මහනුවර නව රථවාහන සැලැස්මට විරෝධය

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා වූ කොටස සදහා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමේ සැලැස්මක් හදුන්වාදීමට විරෝධය පළකරමින් ත්‍රි රෝද රථ රියදුරන් , ව්‍යාපාරිකයින් පිරිසක් අද (07) විරෝධතාවක නිරත වුණා. ඒ මහනුවර නගර සභාවට ඉදිරිපිටදීයි.

නව රථවාහන සැලැස්ම අනුව මහනුවර සිට කොළඹ දෙසට ගමන් කිරීමේදී පේරාදෙණිය උඩ පාරෙන් වාහන ධාවනය කළ යුතු අතර පේරාදෙණිය සිට මහනුවර පැමිණීමේදී විලියම් ගොපල්ලව මාවත භාවිත කළ යුතු වේ. නව සැලැස්ම හේතුවෙන් පාසල් දරුදැරියන් ඇතුළු විශාල පිරිසක් අසීරුතාවට පත්වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ. මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක සහ විපක්ෂ නායක සේන දිසානායක යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ තීරණයකට අනුවයි නව රථවාහන සැලැස්ම අත්හදා බැලීම සිදුවන්නේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාද අදහස් දැක්වූවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්