ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතාට ඇප නියම කර තිබෙනවා.
අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයයි ඒ මහතාට ඇප නියම කළේ. බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට ඒ මහතා රක්ෂිත බන්ධානාගාර ගත කර සිටියා. අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදු වූ එම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදු වූයේ පසුගිය දෙවනදායි.