fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාවේ ජර්මන් තානාපතිවරයාට පැය 48 ක් ඇතුළත එරටින් පිටවන ලෙස නියෝග

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 14:01

වෙනිසියුලාවේ ජර්මන් තානාපතිවරයාට පැය 48 ක් ඇතුළත එරටින් පිටවන ලෙස නියෝග

වෙනිසියුලාවේ  ජර්මන් තානාපතිවරයාට පැය 48 ක් ඇතුළත එරටින් පිටවන ලෙස  වෙනිසියුලා රජය නියෝග කර තිබෙනවා.

වෙනිසියුලාවේ ජර්මන් තානාපති ඩැනියල් ක්‍රිනර් වෙනිසියුලාවේ එරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම හේතුවෙනුයි මෙම නියෝගය ලබා දී තිබෙන්නේ. වෙනිසියුලාවේ මේ වන විට පවතින දේශපාලන අර්බුද තත්ත්වය සමඟ එරට විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝට සහාය පල කිරීම ජර්මන් තානාපතිවරයාට එල්ල වී ඇති චෝදනාවයි. විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ පසුගියදා ජර්මනියේ සංචාරයක නිරත වුණා.  ඒ හේතුවෙන් නිකොලස් මධුරෝගේ රජය හා ජර්මනිය අතර මේ වන විට දේශපාලනික අර්බුධයක් හටගෙන  තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්