මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට පෙර පරිසර හානි වළක්වාගැනීම සම්බන්ධයෙන් තමන් උපදෙස් ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්මේ අවස්ථාවට එක්වෙමින්.
හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසියෙන් රචිත ද වයිස් රෝයි ස්පෙෂල් කෘතිය සිංහල අනුවර්තනය ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එළි දැක්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන්. එය සිංහල බසට අනුවර්තනය කර ඇත්තේ භාරත ප්රභාෂණ තෙන්නකෝන් මහතායි. වාෂ්ප දුම්රිය නිර්මානය කිරීම, දුම්රිය ප්‍රවාහනයේදී වාෂ්ප එන්ජින්වල දායකත්වය ඇතුළු දුම්රිය ප්‍රවාහනයේ විකාශනය පිලිබඳ පර්යේෂනාත්මක හා ගවේෂනාත්මක තොරතුරු රැසක් මෙම කෘතියට ඇතුළත් වනවා. මෙම කෘතිය සිංහලට අනුවර්ථනය කළ භාරත තෙන්නකෝන් මහතා පැවසුවේ මෙම කෘතියෙන් ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම දුම්රිය කෞතුකාගාරය ඉදිකිරීම සදහා ලබා දෙන බවයි.
ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ පිටපත භාරත තෙන්නකෝන් මහතා ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. එහිදී මුල් කෘතියේ කතෘ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙතද ජනාධිපතිතුමා වෙතින් තිළිණයක් ප්රදානය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wANdddCkmyM”]