නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පොලිසිය නව දුරකථන අංක තුනක් හදුන්වාදී තිබෙනවා.
0113024820 / 0113024848 /0113024850 දුරකථන අංකවලට එම තොරතුරු දැනුම්දිය හැකියි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත නව දුරකථන අංක හදුන්වාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ග්‍රාමිය මට්ටමේ ව්‍යප්තව පවතින නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් තොරතුරු මෙම දුරකථන අංකවලට ලබාදිය හැකි බව ද පොලිසිය පවසනවා.