fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 08:16

වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා.

මෙම කෘතිය සිංහලට අනුවර්තනය කර ඇත්තේ භාරත තෙන්නකෝන් මහතායි. මෙරට සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි  විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ කෘතියක් ලෙස ද වයිස්රෝයි ස්පෙෂල් හදුන්වා දිය හැකියි.

වාෂ්ප දුම්රිය නිර්මානය කිරීම මෙරට දුම්රිය ප්‍රවාහනයේදී වාෂ්ප එන්ජින්වල දායකත්වය ඇතුළු දුම්රියා ප්‍රවාහනයේ විකාශනය පිලිබඳ පර්යේෂනාත්මක හා ගවේෂනාත්මක තොරතුරු ඊට ඇතුළත් වනවා.

මෙම කෘතිය සිංහලට අනුවර්ථනය කළ භාරත තෙන්නකෝන් මහතාද මීට පෙර කෘති කිහිපයක්ම රචනා කළ කතුවරයෙක්.

මැතිඇමතිවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 08:16

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්