දිනෙන් දින විනාශ වෙමින් පවතින බොල්ගොඩ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය සුරැකීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. මෙම පාරිසරික කලාපයට සිදුවන හානිය නිරන්තරයෙන් අධීක්ෂණය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීම ඒ අතර ප්‍රධානයි.
කොළඹ හා කළුතර යන දිස්ත්‍රික් දෙකටට අයිතිවාසිකම් කියන මෙම සුවිශේෂී පරිසර කලාපයට වේරැස් ගඟ, බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගඟ,බොල්ගොඩ දකුණු වැව සහ පානදුර ගඟ යන ජල පද්ධතීන් අයත් වනවා. උභයජීවී විශේෂ 16 ක්/ උරග විශේෂ 40 ක් මෙන්ම පක්ෂි විශේෂ 97 ක් පමණ මෙම පරිසර කලාපයේ ජීවත් වනවා. මේ අතර ඒකදේශීය සත්ව විශේෂ රැසක් සිටීම කැපී පෙනෙනවා. එහෙත් වර්තමානය වන විට බොල්ගොඩ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය දැඩි අවදානමකටයි ලක්ව තිබෙන්නේ. එයට සිදුව ඇති හානිය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් නිරීක්ෂණය කළා. ඒ අනුව ගඟ දෙපස පස් දමා ගොඩ කර තිබූ අයුරු මෙන්ම වටිනා කඩොලාන ශාක කපා ගල් බැමි ඉදිකර ඇති අයුරු දක්නට ලැබුණා. ලී මෝල්වලින් ඉවතලන ලී කුඩු ගඟට දමා පරිසර පද්ධතිය විනාශ කර තිබෙනවා. අතහැර දැමූ ඉස්සන් කොටු මෙතෙක් ගලවා ඉවත් කර නැහැ. කරදියාන කසළ අංගනයේ අපද්‍රව්‍ය මෙහි ජලයට මුසු වී ඇති අයුරුද මෙම නිරීක්ෂණ චාරිකාවේදී දැකගත හැකි වුණා. ඒ අනුව ආරක්ෂක අංශවලද සහාය ඇතිව ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටයි මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇත්තේ. ඒ සදහා ඩ්‍රෝන කැමරා ආදිය යොදා ගැනීමට ද නියමිතයි.