fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 13:56

2018 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට

2018 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය නියාමන පෙරහුරු පරීක්ෂණයක් ලෙස පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 11 වනදා සිට 18 වනදා දක්වා මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අයදුම්කරුවන් එක්ලක්ෂ අසූ හයදහස් අනූ හත් දෙනෙකු මෙවර විභාගයට  පෙනී සිටීමට නියමිතයි. අදාළ ප්‍රවේශපත්‍ර මේ වන විටත් පාසල් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග පරිපාලන කටයුතු සදහා කාර්ය මණ්ඩල ද පත් කර අවසන්. ඔන්ලයින් ක්‍රමයට සකස් කර ඇති ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වනවා. එහි නිවැරදි පිළිතුරු සළකුණු කළ යුත්තේ ද ඔන්ලයින් ක්‍රමයටයි. ප්‍රශ්නපත්‍ර දෙක සඳහා දී ඇති පැය තුනක කාලයට අමතරව විනාඩි 10 ක ප්‍රවේශ කාලයක්ද ලබාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකියි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්