82 වන වරට සංවිධාන කළ ගල්කිස්ස සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගාවලියේ පිරිමි ශූරතාව යුද හමුදා කණ්ඩායම දිනා ගත්තා. එහි කාන්තා ශූරතාව හිමිවූයේ කොළඹ විශාකා විදුහල් කණ්ඩායමටයි.
කාන්තා හා පිරිමි අංශ කිහිපයක් යටතේ තරගාවලිය ගල්කිස්ස මුහුදු වෙරළේදී පැවැත්වුණා. එහි සමස්ථ පිරිමි ශූරතාව යුද හමුදා කණ්ඩායම දිනා ගනිද්දී අනුශූරතාව කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම දිනා ගත්තා. කාන්තා ශූරතාව කොළඹ විශාකා විදුහල් කණ්ඩායමට හිමිවුණා. අනුශූරතාව හිමිවූයේ ශාන්ත බ්‍රිජට් කණ්යාරාම කණ්ඩායමටයි. පිරිමි අංශයේ පළමු ස්ථානය තරූෂ නවෝද්ට හිමිවුණා. කාන්තා අංශයේ පළමු සථානය දිනා ගත්තේ විනාදි රූපසිංහයි.