fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

HIV ආසාදිත පුද්ගලයෙකුට කළ විශ්මිත සෛල බද්ධය

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 12:48

HIV ආසාදිත පුද්ගලයෙකුට කළ විශ්මිත සෛල බද්ධය

බ්‍රිතාන්‍යයේ පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි එච් අයි වී ආසාදිත පුද්ගලයෙකු සෛල බද්ධ කිරීමකින් අනතුරුව එම ආසාදිත තත්ත්වය යටපත් වී තිබෙනවා.

ලොව එවැනි තත්ත්වයක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙය බවයි එරට වෛද්‍යවරුන් පවසන්නේ. මෙම රෝගියා ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් පසුගිය මාස 18 ක කාලය තුළ එච් අයි වී ඖෂධ ලබාගෙන නොමැති බව විදෙස් වාර්තා සදහන් කළා. කෙසේ වෙතත් එච් අයි වී ආසාදිත තත්ත්වය සම්පූර්ණයෙන් සුව වී ඇද්ද යන්න නිශ්චිතව කිව නොහැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එච් අයි වී සුව කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් හදුනා ගැනීමට මෙය උපකාරී වනු ඇති බව වෛද්‍යවරු පවසනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්