ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන අයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේයි මේ බව ප්‍රකාශකර සිටියේ. ඒ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේයි. ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාලක සිල්වා මහතාට එරෙහි සාක්ෂී සම්පිණ්ඩනයක් ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. නාලක සිල්වා මහතා ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියම කෙරුණා. සිද්ධියට අදාළව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි රහස් පොලීසිය මෙහිදී කියා සිටියේ.