fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුගෙන් 4 ක්ම බෝ නොවන රෝගයක් හේතුවෙන් මිය යන බව හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 11:50

ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුගෙන් 4 ක්ම බෝ නොවන රෝගයක් හේතුවෙන් මිය යන බව හෙළිවෙයි

සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් 4 දෙනෙකුම මියයාමට හේතුව බෝ නොවන රෝගයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. දිනෙන් දින ඉහළ යන බෝ නොවන රෝග වැළදීම සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් සිදු කිරීමට බෝ නොවන රෝග ඒකකය තීරණය කර තිබෙනවා.

දහනවයයි අනූපහ ක්ෂණික දුරකතන අංකයට ඇමතුමක් ලබාදීමෙන් ඕනෑම අයෙකුට මෙම සමීක්ෂණයට එක්විය හැකියි. බෝ නොවන රෝගවලට ගොදුරුවීම සදහා ඕනෑම අයෙකුට පවතින අවදානම සම්බන්ධයෙන් දැනුවත් විය හැකි බව ද මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්