රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුයි මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණේ. ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර තවත් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.