සියලුදෙනාටම දැන් නොමිලේ අන්තර්ජාල පහසුකම්
Related Articles
ජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ෆ්‍රී වයිෆයි වැඩසටහන තවදුරටත් පුළුල් කර ඇති බව රජය පවසනවා. මේ වන විට ප්‍රදේශ එක්දහස් එකසිය හැත්තෑ හයක් ආවරණය වන පරිදි නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති බවයි රජය පවසන්නේ.
ඊට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය මගින් සිදු කරනවා. දුම්රිය ස්ථාන, බස්නැවතුම්පොළ, පුස්තකාල හා තෝරා ගත් පොදු ස්ථානවලදී මෙම පහසුකම් සලසා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ සදහා පිවිසෙන ඕනෑම අයෙකුට මසකට මෙගාබයිට් 100 ක දත්ත ප්‍රමාණයක් ලබාගත හැකියි.