නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එරට ඉදිකිරීම් සමාගමකටයි ප්රහාරය එල්ල වුණේ. පුද්ගලයින් නව දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් එම සමාගමේ සේවකයින් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ප්රහාර එල්ල කළ පිරිස එරට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්රහාරවලින් ජීවිතක්ෂයට පත් වුණා. ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. වසර 18 ක් පුරා ඇෆ්ගනිස්තානයේ පවතින යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාව හා තලෙයිබානය කටාර් හි සාම සාකච්ඡා පවත්වන සමයකදීයි මෙම ප්රහාරය එල්ල වුණේ.