එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය තේරීමේ තරගාවලියක් පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මෙම තේරිම් තරගාවලිය පැවැත්විමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ ලබන අප්‍රේල් මාසයේදීයි. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ලෙසින් නම් කර ඇති මෙම තේරිම් තරගාවලියට කණ්ඩායම් 04ක් තරග වදිනවා. එහිදි දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගෙන් සමන්විත සංචිතයක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කිරිමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙන්නේ.