නීති විරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
අද (05) අලුයම සාජා නුවර සිටයි දුම්වැටි රැගෙනවිත් තිබෙන්නේ.
ගුවන් මගීන් තුන්දෙනෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී විදේශ දුම්වැටි කාටන් තුන්සිය පනස් හතරක් සොයා ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් ප්රකාශ කළා. මෙහි වටිනාකම රුපියල් මිලියන 4 කට ආසන්න බවයි රේගුව සදහන් කළේ. සැකකරුවන් මාළිගාවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී තිබෙනවා.