උතුරු කොරියාවට ආහාර ආධාර ලබාදීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර යටතේ තිරිගු මෙට්ට්‍රික් ටොන් දෙදහසක් පියොං යැං අගනුවරට යොමු කළ බවයි උතුරු කොරියාව පවසන්නේ.
උතුරු කොරියාවේ ජනගහනයෙන් 43%ක් ආහාර හිඟයකින් පෙළෙන බවයි ජගත් සංවිධාන වාර්තාවකින් පෙන්වා දෙන්නේ. සෑම ළමයින් පස් දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු හෙළිව තිබෙනවා.