ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ටොනාඩෝ සුලිකුණාටු තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අතුරුදන් වූ විශාල පිරිසක් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඩ්‍රෝන යානා සහ සුනඛයින්ද ඒ සදහා යොදා ගෙන තිබෙනවා. කුනාටු තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. නිවාස සහ දේපල රැසක් කුනාටුවෙන් විනාශ වී තිබෙන බවද එරට ප්‍රාන්ත බලධාරීන් සදහන් කරනවා.