fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජුවාන් ගුවයිඩෝ නැවත වෙනිසියුලාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:58

ජුවාන් ගුවයිඩෝ නැවත වෙනිසියුලාවට

වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ නැවත සිය රටට පැමිණ තිබෙනවා. ඇති වූ අර්බුදකාරි තත්ත්වයක් සමඟ ඔහු රටින් පිටවීමට කටයුතු කළා.

නැවත පැමිණි ජුවාන් ගුවයිඩෝ පිලිගැනිම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ. වෙනිසියුලාවට පැමිණි ඔහු ජනාධිපති නිකලොස් මදුරෝ සිය ධුරයෙන් ඉවත් විය යුතු බවට ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජුවාන් ගුවයිඩෝ අත්අඩංගුවට ගැනිමේ අවධානමක් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්