fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇරැව්වලදී කොල්ල කෑ කෝටි 500ක දියමන්තිය සොයා ගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:43

ඇරැව්වලදී කොල්ල කෑ කෝටි 500ක දියමන්තිය සොයා ගනී

පසුගිය නොවැම්බර් මාසයේදී ඇරැව්වල ප්‍රදේශයෙන් කොල්ල කෑ බවට සැක කෙරෙන දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

එම දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි 500 ක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැලුමා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුවයි මෙය සොයාගෙන තිබෙන්නේ.

සැකකරුවන්ගේ පිටිගල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී රුපියල් ලක්ෂ 150 ක් ද සොයා ගත් බව පොලීසිය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්